We Online
We Online මෙම වෙබ් අඩවිය, ඔබ වෙනුවෙන් හුදෙක්ම අධ්‍යාපනික හා දැනුම විනෝදය ලබාදීම සඳහා පවත්වාගෙන යන්නෙකි.මෙහිදි පළවන ලිපි විද්වතුන්ගේ අධික්ෂණයට ලක් වී ඔබ අතට පත් වේ.මෙහි පළවන අධ්‍යාපනික,විනොදාස්වද තොරතුරු හා ක්‍රිඩා තොරතුරු සියල්ලක්ම ලියනු ලබන්නේ පළපුරුදු පුද්ගලයන් විසිනි මෙහි ඇති දෑ බැලිම සඳහා ප්‍රතමයෙන් පහළ ඇති ස්ථානයෙන් ලියාපදිංචි වන්න.ස්තුති!

Join the forum, it's quick and easy

We Online
We Online මෙම වෙබ් අඩවිය, ඔබ වෙනුවෙන් හුදෙක්ම අධ්‍යාපනික හා දැනුම විනෝදය ලබාදීම සඳහා පවත්වාගෙන යන්නෙකි.මෙහිදි පළවන ලිපි විද්වතුන්ගේ අධික්ෂණයට ලක් වී ඔබ අතට පත් වේ.මෙහි පළවන අධ්‍යාපනික,විනොදාස්වද තොරතුරු හා ක්‍රිඩා තොරතුරු සියල්ලක්ම ලියනු ලබන්නේ පළපුරුදු පුද්ගලයන් විසිනි මෙහි ඇති දෑ බැලිම සඳහා ප්‍රතමයෙන් පහළ ඇති ස්ථානයෙන් ලියාපදිංචි වන්න.ස්තුති!
We Online
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

දෙරණ සිහින කුමරා

Go down

දෙරණ සිහින කුමරා Empty දෙරණ සිහින කුමරා

Post  nishsanka Sun Jul 20, 2014 5:57 pm

එම්. ජි ධනුශ්ක 



දෙරණ සිහින කුමරා Csk_3510


ඇඹිලිපිටිය, මොරකැටියායේ ,යාය හයේ ,D-4 ඇලේ  පදිංචි එම්.ජි. දයානන්ද හා ජාගොඩ ගමගේ චන්ද්‍රිකා යන දෙපලට දාව උපන් වැඩිමල් පුත්‍ර රත්නය වූයේ එම්.ජි ධනුශ්කය. බාල සොයුරියන් දෙදෙනෙක් හා එක්ව ,දුප්පත් කම කරපින්නා ගත් අහිංසක අහිංසක දරු පවුලකට උරුම කම් කියු ඔවුන් ජිවත් වූයේ තම පියාණන් ගේ  දැතේ මහන්සියෙන් සපයා ගත් දෙයකිනි. ඇඹිලිපිටිය ,මොරකැටිය මහ විද්‍යාලයෙහි අ.පො.ස. (සා.පෙ.)  දක්වා අධ්‍යාපනය ලද ධනුශ්ක දෙරණ රූපවාහිනි නාලිකාව මගින් පවත්වන්නට යෙදුණු දෙරණ සිහින තරුව තෝරාගැනීමේ තරගයෙන් පළමු වෙනි ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ, 93000 ක් තරග කරුවන් අතුරෙනි. මුලු රටම ආදරය කළ ,බයිලා චක්‍රවර්තී නාමයෙන් පිදුම් ලද එම්.එස්.ප්‍රනාන්දු වන්ගේ හඬට නැවත පුනර්ජීවයක් ලබා දෙමින් සුවහසක් ජනතාව අතරට ගෙන ඒමෙ දක්ෂතාව නිසාම රටේ ජනතාව ගෙන් බහුතරයක් ඔහුගේ ජයග්‍රහණය තහවුරු කලහ. ලංකාදීප පුවත්පතෙහි  , මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්ණ වලට එම්.ජි.ධනුශ්ක හා ඔහුගේ පියාණන් සැපයූ පිලිතුරු පහත පලවේ.




ප්‍රශ්ණය - සමහර තරු අපි දකින්නේ පායනවා විතරයි. ටික දවසක් යද්දි හොයාගන්නත් නැතිවෙනවා?

පිළිතුර - මේ තරගයේ මම වැඩි පුර ගායනා කළේ එම්  ප්‍රනාන්දු මහත්තයගෙ ගීත. එය එතුමාට උපහාරයක් වෙන්න  ඕන. එම් එස් 
ප්‍රනාන්දු, එච් ආර් ජෝතිපාල   ලංකාවෙ හදවත්වලට කතාකරපු ගායකයො. කවදාවත් එම් එස් කෙනෙක් ආයිත් ලංකාවෙ හැදෙන්න  ඕන නෑ. මට එහෙම වෙන්න  ඕන නෑ. මට මගේ ඇගේ තියෙන හැකියාව දියුණු කරගන්නයි  ඕන.  මම එතුමා වෙනුවෙන් දෙරණත් එක්ක එකතු වෙලා යමක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. සමාජයට පණිවිඩයක්  දෙන්න පුළුවන් නිර්මාණ සමූහයක් කරන්නයි මට  ඕන. 



ප්‍රශ්ණය - තරගය අවසන් වෙද්දිම ඔබ හැමෝම අතරින් තාත්තා සොයා දිව යනවා. ඒ බැඳීම ඇත්තම එකක්ද?

පිළිතුර - තාත්ත කියන්නෙ මගේ ආත්ම විශ්වාසය.    ඒ නිසයි මේ ගමන ආවේ.  තාත්තව මෙතනින් ගොඩදාන්න  ඕන කියල මට ලොකු උවමනාවක් තිබුණා.පුතෙක් විදියට මං ඒ දේ කළා. මට හරි ආඩම්බරයි ඒ ගැන.
පොඩි කාලෙ තාත්ත නංගිලා දෙන්නට තමයි ආදරේ කළේ. මම සමාන්‍ය පෙළ කරන්න හදන කාලෙ වගේ තමයි තාත්තා මට ගොඩක්ම දැනෙන්න ගන්නෙ. සමහර වෙලාවට ඔහු මට සින්දු පොත් ගෙනත් දෙනවා . සමහර වෙලාවට දන්නේ නැතුව එකම පොත තමයි ආයිමත් ගේන්නෙ.   තරගවලට යද්දි පොල් කඩලා විකුණලා රුපියල් දාහක් හදල දෙනවා යන්න. නැත්තම් අපි දෙන්නා එකට වැඩකරලා සල්ලි හොයා ගන්නවා තාත්තා ගැන කියන්න වචන නෑ.
අවුරුදු හතරක්  ආපු ගමනේ මට ගමට අරන් යන්න ගොඩක් දේවල් තියෙනවා. එක බෑග් එකයි කලිසමයි ටී ෂර්ට් දෙකයි අරගෙන ආවේ.ඒ ඇවිත් කොටුවෙ නිදාගෙන සුන්දර කාලයක් තමයි ගෙව්වේ. මේ ජයග්‍රහණය අයිති මට වඩා මගේ තාත්තටයි.



ප්‍රශ්ණය - ගමේ හිටිය ධනුෂ්කමද මේ?

පිළිතුර - මුදල් අතින් අද මම තරමක ධනපතියෙක්. නමුත්  මගේ තිබුණ මනුස්සකම, ගතිගුණ එදා වගේම අදත් නොවෙනස්ව පවතිනවා. ඒක ඉදිරියටත් එහෙමමයි. සල්ලි ලැබුණ පලියට මම මුල අමතක කරන්නෙ නැහැ.
 තාත්තගේ බලවත් ඉල්ලීම මත තමයි මා නැවත වරක් ඉල්ලූම් කළේ. දෙරණින් මෙවර "ඩ්‍රිම් ස්ටාර්" තරගයට එන්න කියල දීපූ දිනයේදී මා අලූත් රැකියාවකට එකතු වෙන්න සම්මුඛ සාකච්ඡාවකට යන්න සූදානම් වෙලා හිටියේ. තාත්තත්  නංගිත් කිව්වා තාම රැකියාව ලැබිල නැති නිසා මේ තරගයට යමු කියලා. මගේ තාත්තා කුලී වැඩ කරන කෙනෙක්. මමත් නොකරපු රැකියාවක් නැහැ. රැකියාවක් නැති දවස්වල මම බුලත්, පුවක් කඩාගෙන විකුණුවා. එවැනි වටපිටාවක ඉඳලා තමයි මම මේ තරගයට ආවේ. අද තාත්තට මා ලැබූ තැන ගැන මටත් වඩා ගොඩක් සතුටුයි.  එය නිහතමානී හැඟුම්බර සතුටක්.දෙරණ සිහින කුමරා Untitl10

ධනුෂ්කගේ පියා වු එම්.ජි දයානන්ද මහතා රියැලිටි ඉතිහාසයේ වැඩිම කෙටි පණිවිඩ ප්‍රමාණයකින් තම පුතා ‘‘සිහින කුමරා’’ කරන්නට අතහිත දුන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ, රත්නපුර දිස්ත්‍රික්කයෙ ලංකාවේ සහ පිටරට වෙසෙන සියලූ දෙනාටම පින් දෙන බව කීවේ කෘතවේදීත්වයේ කඳුලූ බිඳු දෙනෙත් තුලින් කඩා වැටෙද්දීය.
‘‘අපි ලොකු මිනිස්සු නෙවෙයි. ජීවත් වෙන්න පුතාත් මමත් කුලි වැඩ පවා කළා. පුතා රුපියල් දාහට, එක්දහස් පන්සියයට මගුල් ගෙවල්වල ගිහිං සින්දු කිවුවා. ඒ ගැන කියන්න පැකිලෙන්නේ නෑ. ඒක අපිට නම්බුවක්.’’
‘‘ පුතාට ඔය ජයග්‍රහණය ලැබුණේ හතරවෙනි සැරේ. පළමුවෙනි සැරේ 96 වෙනියා වෙලා විසි වුණා. දෙවෙනි සැරේ හැත්තෑ දෙවෙනියා වෙලා විසිවුණා. තුන් වෙනි සැරේ තිස් හය වැනියා වෙලා විසිවුණා. මේ සැරේ කිරුළ හිමිකර ගත්තා. ඉතිං පුතා වෙනුවෙන් එස්එම්එස් යවපු හැමෝටම අපි ණය ගැතියි. පුද්ගලිකව ඒ අයට ස්තුති කරන්න පුලූවන්නම් මම ඒකත් කරනවා.’’ ධනුෂ්කගේ පියා පැවසුවේය.
‘‘පුතා අවුරුදු තුනක් ‘‘දෙරණ ඩ්රීම් ස්ටාර්’’ එකට ගියාම එයාට අවශ්‍ය මුදල් හොයා ගන්න මම කොළඹ නැවතිලා කුලී වැඩ කළා. ඒ කොළඹ  ඕ.ටී කරලා වැඩි මුදලක් හොයාගන්න පුලූවන් නිසා. සතියට දෙවතාවක් එයාට කොළඹ යන්න තිබුණ අවස්ථා ඇතිවුණා. මගේ පුතා සංගීතය හදාරපු කෙනෙක් නෙවෙයි. එයා ඇඹිලිපිටිය මොරකැටිය මහා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ජීවත්වෙන් නොගත් උත්සාහයක් නෑ. ධනුෂ්ක පුතාත් කුලී වැඩ කළා. මේවා කියන්න ලැජ්ජා වෙන්න  ඕනැ නෑ.’’
‘‘  විශේෂයෙන් ඇඹිලිපිටිය සහ අවටත් රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් ව්‍යාපාරිකයන් ඇතුලූ විශාල පිරිසක් පුතාට උදව් කළා. ඒය නොහිටියානම් පුතාට මේ ජයග්‍රහණය ලැබෙන්නෙ නෑ.  ඒක විශ්වාසයි.’’
‘‘ මම පුතාට මේ 
ජයග්‍රහණය අවසානයේ දුන්න අවවාදය තමයි පුතේ මුල අමතක කරන්න එපා කියන එක. හැමෝගෙම ආදාරය කරුණාව පුතාට ලැබුනා. ඒකෙන් සිහින කුමරා කිරුළ හිමි වුණා. ජිවිතය කියන්නේ වාහනයවත්, කිරුළවත් සල්ලිවත් නෙවෙයි. නිහතමානී  කමයි මනුස්සකමයි. මොනවා නැතත් මිනිහෙකුට ජිවත් වෙන්න නිහතමානිකමයි මනුස්සකමයි තියනවානම් පුලූවන්. මගේ පුතාගේ ජයග්‍රහණය කියා පෑවේ ඒ පණිවිඩය. ඒක අමතක කරන්න එපා කියලා මම පුතාට අවවවාද කළා.’’
‘‘දැන් ඉතින් මට කොළඹ කුලි කරන්න  ඕනෑ නෑ. මම මේ පැත්තේ කුලියක් කරගෙන ජිවත් වෙන්නයි අදහස.’’ ධනුෂ්කගේ පියා නිහතමානීව තම පුතාගේ 
ජයග්‍රහණය ගැන සතුටු කදුළු වගුරුවමින් කීවේය.දෙරණ සිහින කුමරා Untitl11



නිශ්ශංක

nishsanka

Posts : 7
Points : 22
Reputation : -1
Join date : 2014-07-17

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum